කෑගල්ලේ මතුව ඇති කොරෝනා අවදානම සම්බන්ධයෙන් රජය වැඩි අවදානයක් යොමු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා.
එම සංගමය පෙන්වා දෙන්නේ කෑගල්ල දිස්ත්‍රික්කය තුළින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගෙන් බහුතරයකට කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවයි.
ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයෙන් හඳුනා ගන්නා කොරෝනා ආසාදිතයන් බහුතරයකට අධික උණ තත්ත්වයක් පවතින බවත් මෙම තත්ත්වය දිවයිනේ අනෙක් ප්‍රදේශ තුළින් වාර්තා නොවූ බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා.
රට තුළ කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් නිර්මාණය වෙමින් පවතින්නේ ද යන්න පිළිබඳ සොයා බැලීමට කෑගල්ල ප්‍රදේශයෙන් හඳුනා ගන්නා කොරෝනා ආසාදිතයින්ගේ වෛරස් සාම්පල රසායනාගාර පරීක්ෂණ සඳහා යොමු කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.




