නාගරාජ ශාක්‍ය පුත්‍ර ඥාති වෛද්‍ය රක්ෂණ ක්‍රමය හඳුන්වා දෙයි


ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නාගරාජ ශාක්‍ය පුත්‍ර ඥාති වෛද්‍ය රක්ෂණ ක්‍රමය හඳුන්වාදීම 08 දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. නව රක්ෂණ ක්‍රමය හඳුන්වා දෙමින් ගරු අග්‍රාමාත්‍යතුමා මහා සංඝරත්නයට රක්ෂණ සහතික පත් පිළිගැන්නුවේය.

සංඝයා වහන්සේලාගේ මව, පියා, සහෝදර සහෝදරියන් රජයේ රෝහලක හෝ පෞද්ගලික රෝහලක රෝහල්ගත වීමකදී දිනකට රුපියල් 1000 බැඟින් රු.15000 ක උපරිමයක් සහ
රෝහල්ගතව සිදු කරනු ලබන වෛද්‍ය පරීක්ෂණයකදී හෝ ඖෂධ සඳහා රුපියල් 25000 ක උපරිමයක් දක්වා ගෙවීම මෙම රක්ෂණ ක්‍රමයට අයත්ය.
රුපියල් 2000 ක මුදලක් පමණක් මේ සඳහා වාර්ෂිකව ගෙවිය යුතු අතර, එය පුණ්‍ය කටයුත්තකදී සැදැහැවතුන්ට පූජා කිරීමේ හැකියාව ඇත.
මෙම රක්ෂණ අවස්ථාව ඉදිරියේදී අන්‍යාගමික පූජකතුමන්ලා වෙනුවෙන් ද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ද මෙහිදී අවධාරණය විය.
එමෙන්ම සසුනට දරුවන් පූජා කළ, නිවසක් නොමැති දෙමාපියන් සඳහා නිවසක් ලබා දීමේ “ මිහිඳු නිවාස” යෝජනා ක්‍රමයට නිවාස අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යතුමා මේ වන විටත් මුදල්
වෙන් කර ඇති බව ප්‍රකාශ කළ කොළඹ නව කෝරළයේ හා නව තොටමුණේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය දිවියාගහ යසස්සී නාහිමියෝ බුද්ධශාසනය වෙනුවෙන් ඉටුකරන මෙම සේවාව
පිළිබඳව ගරු අග්‍රාමාත්‍යතුමාට ප්‍රණාමය පුද කළහ.
ඉඩමක් හිමි එහෙත් නිවසක් ඉදි කර ගැනීමට නොහැකි සංඝයා වහන්සේලාගේ දෙමාපියන් වෙනුවෙන් එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 06 බැඟින් නිවාස 2000 ඉදි කිරීම සඳහා
අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි මේවනවිටත් මුදල් ප්‍රතිපාදන වෙන්කර තිබේ.
මෙම අවස්ථාව සඳහා කොළඹ නව කෝරළයේ හා නව තොටමුණේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය දිවියාගහ යසස්සී නාහිමි, නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක
පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි, බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිපති අති පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන නාහිමි, කැලණිය රජ මහා විහාරාධිපති මහාචාර්ය කොල්ලූපිටියේ මහින්ද
සංඝරක්ඛිත නාහිමි, විද්‍යෝදය මහා පරිවේණාධිපති බලංගොඩ සෝභිත නාහිමි, මහාචාර්ය ඉදුරාගානේ ධම්මරතන නාහිමි ඇතුලු මහා සංඝ රත්නය වැඩම කළ වදාළහ.
රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, බුද්ධශාසන ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ
ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, බෞද්ධ කටයුතු කොමසාරිස් සුනන්ද කාරිප්පෙරුම, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ජගත් වැල්ලවත්ත ඇතුලු මහත්වරු රැසක් ද මෙම අවස්ථාව
සඳහා එක්ව සිටියහ.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: නාගරාජ ශාක්‍ය පුත්‍ර ඥාති වෛද්‍ය රක්ෂණ ක්‍රමය හඳුන්වා දෙයි
නාගරාජ ශාක්‍ය පුත්‍ර ඥාති වෛද්‍ය රක්ෂණ ක්‍රමය හඳුන්වා දෙයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjd4XEjdxTQm8vvYT8DFcc7VhbP3SfK6r5qMwgQKDqmNNl4iyGxdqa1HyWS1O10NjxZYDx2r5lxs7ijyUDqeiF7JyYFwO4W0AAR25j6qM08DpvIaQ7gVxuf71YfJK_tvPTGVhqTydUWtbc/s16000/1PMO8062.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjd4XEjdxTQm8vvYT8DFcc7VhbP3SfK6r5qMwgQKDqmNNl4iyGxdqa1HyWS1O10NjxZYDx2r5lxs7ijyUDqeiF7JyYFwO4W0AAR25j6qM08DpvIaQ7gVxuf71YfJK_tvPTGVhqTydUWtbc/s72-c/1PMO8062.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/01/insurance-thero.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/01/insurance-thero.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content