බස්නාහිර පළාත තුළ අද (28) දිනයේදී විශේෂ මෙහෙයුම් රැසක් ක්‍රියාත්මක වන බව ඔහු සඳහන් කලා.
ඒ අනුව බස්නාහිර පළාතෙන් පිටතට ගමන් කරන පුද්ගලයින් රැපිඩ් ඇන්ටිජන් හෝ PCR පරීක්ෂණ සඳහා ස්ථාන 12කදී යොමු කිරීමට සැලසුම් කර ඇත.
මෙලෙස සිදුකෙරෙන රැපිඩ් ඇන්ටිජන් සහ PCR පරීක්ෂණ සඳහා බස්නාහිර පළාතෙන් පිටතට ගමන් කරන ජනතාව සෞඛ්‍ය අංශ වෙත සහය ලබාදිය යුතු බවද අජිත් රෝහණ මහතා පැවසීය.
බස්නාහිර පළාත තුළ ඊයේ (27) දින සිදුකළ ආයතන පරීක්ෂා කිරීම්වලදී සෞඛ්‍ය උපදෙස්වලට පටහැනිව කටයුතු කළ ආයතන 71ක් හඳුනාගෙන නඩු පැවරීමට පියවර ගෙන ඇත.
පසුගිය 10 වනදා සිට ආරම්භ වූ මෙම මෙහෙයුම්වලදී බස්නාහිර පළාත තුළ මේ දක්වා රාජ්‍ය හෝ රාජ්‍ය නොවන ආයතන 7,828ක් පරීක්ෂා කර ඇත. ඉන් ආයතන 1160ක් සෞඛ්‍ය උපදෙස් කඩකරමින් කටයුතු කරඇති බවට හඳුනාගෙන තිබුණි.
ගතවූ පැය 24 තුළ මුඛ ආවරණ නොපැළඳ සිටි පුද්ගලයින් 16ක් අත්අඩංගුවට ගත් බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
පසුගිය ඔක්තෝබර් 30 සිට මේ දක්වා එම වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන ඇති මුළු සංඛ්‍යාව 2808කි.




