කටුනායක, කලුදියවල රජයේ
ඉඩමෙහි අක්කර 100කට අධික භූමිභාගයක හරිත කර්මාන්තපුරයක් පිහිටුවීම සඳහා අමාත්‍ය
මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි
රුපියල් මිලියන 2000කට අධික පිරිවැයක් යොදවා කර්මාන්ත අමාත්‍යාංශය මගින් ජලය, විදුලිය හා ප්‍රවේශ මාර්ග පහසුකම් සහිතව එම භූමිය පරිසර හිතකාමීව සංවර්ධනය කර බස්නාහිර පළාතේ කර්මාන්ත ඇරඹීම පිණිස ඉල්ලුම් කර ඇති ආයෝජකයන්ට ලබා දීමට කඩිනමින් කටයුතු කරන බවද අමාත්‍යවරයා කියා සිටියි.
ඔහු පැවසුවේ මේ වනවිට බස්නාහිර පළාතේ කර්මාන්ත ඇරඹීම පිණිස
ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කර ඇති ආයෝජකයන් පිරිස 150කට අධික බවත්
ඒ පිරිස අතරින් බතික් ඇතුළු දේශීය ඇඟලුම් ආශ්‍රිත නිෂ්පාදන, රබර්, ප්ලාස්ටික්, ඖෂධ ආශ්‍රිත
නිෂ්පාදන, විදුලි හා ඉලෙක්ට්‍රොනික උපාංග, ඇසුරුම්කරණ, අගය එකතු කළ
කෘෂි කාර්මික නිෂ්පාදන යන නිෂ්පාදන ක්ෂේත්‍රවල ආයෝජකයන්ට මෙම හරිත කර්මාන්තපුරයෙහි
මූලිකත්වය හිමිවන බවයි.




