ඉන්දීය කන්නඩ සිනමාව තුළ ජනප්‍රියත්වයට පත්ව සිටි 30 හැවිරිදි සුරූපි නිළියක් වන ජයශ්‍රී රාමයියා ඉන්දියාවේ ආශ්‍රමයකදී සියදිවි හානි කරගෙන ඇති බවට ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි.
ඊයේ (25) දිනයේ දී ඇය මෙලෙස ඉන්දියාවේ බෙංගලූර්වල පිහිට සන්ධ්‍යා කිරන් නම් ආශ්‍රමයේ දී මිය ගොස් සිටිය දී සොයාගෙන තිබු බව සඳහන් වෙයි.
එම ආශ්‍රමය තුළ ඇය විසින් විශාදය සඳහා ප්‍රතිකාර ගනිමින් සිටි බවටත් වාර්තා වී තිබුණි.
ඇය විසින් ෆේස්බුක් සටහනක් තබමින් වරක ඇයට මානසික අවපීඩනය දරා ගත නොහැකි බවත් ඇයට ජීවිතයෙන් සමු ගැනීමට ඕන බවත් පවසා තිබුණි. පසුව ඇය විසින් එම සටහන ඉවත් කර තිබූ බව ටයිම්ස් ඔෆ් ඉන්දියා මාධ්‍ය වාර්තා කර තිබුණි.




