බ්‍රසීලයේ ටොකැන්ටින්ස් ප්‍රාන්තයේ සිදුවු ගුවන් අනතුරකින් පාපන්දු ක්‍රීඩකයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කුඩා ගුවන් යානයක් මෙලෙස කඩා වැටීමට ලක්ව ඇති අතර බ්‍රසීලයේ පැල්මාස් ක්‍රීඩා සමාජය නියෝජනය කරන ක්‍රීඩකයින් සිව්දෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි විදෙස් මාධ්‍ය වර්තා කළේ.
මෙම අනතුරෙන් ක්‍රීඩා සමාජයේ සභාපතිවරයා සහ යානයේ නියමුවා ද ජීවිතක්ෂයට පත්ව ඇති බවද එම වාර්තා වල සඳහන්.
මෙම ක්‍රීඩකයින් තරඟාවලියක් සඳහා ගොස් ඇති අතර එහිදි සිදුකළ කොවිඩ් පරීක්ෂාවේදී ඔවුන් කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වීම හේතුවෙන් ඔවුන් යළි පැමිණෙමින් සිටින අවස්ථාවේ මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.




