Header Ads

උණුසුම් පුවත්

සේවක අවම වේතනය පනත සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය


2016 අංක 3 දරණ සේවකයින්ගේ අවම වේතනය  පනත සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.අද (19) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව සඳහන් කළා.ඒ, අනුව අවම වැටුප සියයට 25කින් ඉහළ නැංවීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.