අවුරුදු පහක් සහ අවුරුදු තුනක් එකම ස්ථානයේ සේවය කළ සෞඛ්‍ය අමාත්‍යාංශය ජ්‍යෙෂ්ඨ පාලන ශ්‍රේණියේ වෛද්‍ය පරිපාලකයන් එකළොස්දෙනකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.
එහිදී ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා, කොළඹ සොයිසා රෝහලේ අධ්‍යක්ෂවරිය, මහනුවර ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය සහ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂවරයාට එම සේවා ස්ථානම ලබාදී තිබේ.
වෛද්‍ය අසේල ගුණවර්ධන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වීම නිසා පුරප්පාඩු වූ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ ධුරයටද කිසිවකු පත් නොකිරීම විශේෂත්වයක් වෙයි. සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයාටද ස්ථාන මාරුවීම් ලබාදී ඇතත් එම ආයතනයට අධ්‍යක්ෂවරයකු පත්කර නැත.



