කුලියාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් සිව් දෙනෙකු ඇතුළු කාර්යමණ්ඩල සාමාජිකයින් 14 දෙනෙකු කොවිඩ්-19 ආසාදිතයින් බවට හඳුනාගෙන තිබෙනවා.
ඊයේ (20) සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවේදී එම ආසාදිතයින් හඳුනාගත් බවයි කුලියාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත මහතා සඳහන් කළේ.
වෛද්‍යවරුන් සිව්දෙනාට අමතරව රෝහලේ ශල්‍ය වෛද්‍ය වාට්ටුවලට අනුයුක්තව සේවයකළ හෙද නිලධාරින් 8 දෙනෙකු, කණිෂ්ඨ කාර්යමණ්ඩල සේවකයින් දෙදෙනෙකු කොවිඩ් ආසාදිතයින් බව හඳුනාගෙන තිබෙනවා.
මේ වන විට එම රෝහලේ ශල්‍ය වෛද්‍ය වාට්ටු සංකීර්ණයේ සේවයකළ සියලු විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සියලුම රෝගීන් PCR පරීක්ෂණයට යොමුකර ඇති බව වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත මහතා පැවසුවා.




