පසුගිය වසරේ කොවිඩ් වසංතය තුළ පවා මෙරට එච්.අයි.වී (ඒඩ්ස්) ආසාදිත සංඛ්‍යාව 2019 වසරට සාපේක්ෂව ආසාදිතයන් 357 කින් ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි.
මෙලෙස ලංකාවේ අවුරුදු 19-25 ත් අතර වයස්වල සිටින එච්. අයි. වී. ආසාදිත පිරිමින්ගේ සංඛාව ඉහළ ගොස් ඇත.
2020 වසර අවසන් වන විට මෙරට එච්.අයි. වී. ආසාදිත පුද්ගලයන් ගණන 3600 ක් එයින් ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන මගින් පවත්වාගෙන යන සායන සඳහා ලියාපදිංචි වී ඇත්තේ ආසාදිත පුද්ගලයන් 2000 ක් පමණි. ඉතිරි පුද්ගලයන් 1600 ක ප්‍රමාණයක් තමා එච්.අයි.වී. ආසාදිතයකු බව නොදැන සමාජයේ ජීවත් වෙති.
තමා ආසාදිතයකු බව නොදැන සමාජගතව සිටින පිරිස හේතුවෙන් නීරෝගී පුද්ගලයන් හටද එච්.අයි.වී ආසාදනය වීමේ අවදානමක් පවතින බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පෙන්වා දෙයි.
එසේම එච්.අයි.වී ආසාදිතයන්ගේ ප්‍රතිශක්තිකරණය දුර්වල බැවින් ඔවුන් හට කොවිඩ් වසංගතය වැලඳීමේ වැඩි අවදානමක් පවතියි.



