කොළඹ අවට බහු මහල් රථගාල් 12 ක් සදහා සැලසුම්


කොළඹ නගරයේ පවතින දැඩි රථවාහන තදබදයට පිළියමක් වශයෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි රථගාල් 12 ක් ඉදිකිරීමට නියමිත අතර ඉන් එක් රථගාලක් කොළඹ 07, ඇස් වාට්ටුව නොරිස් කැනල් මාර්ගය ආසන්නයේ ඉදිකිරීමට සැලසුම් කර තිබේ.

නොරිස් කැනල් පාරේ දැනට පවතින පැරණි වෙළඳ සංකීර්ණ භූමිය මෙම නව රථගාල ඉදිකිරීම සඳහා යොදාගන්නා අතර නොරිස් කැනල් පාරේ පැරණි වෙළඳසැල්වල වෙළඳ මහතුන්ට වෙනත් ස්ථානයක වෙළඳාම් කිරීමට අවස්ථාව ලබා දීමට නියමිත බව නාගරික සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරයි.

මේ වන විට මහ රෝහල් පරිශ්‍රය අවට පවතින දැඩි රථවාහන තදබදයට මහ රෝහලට සහ ඒ අවට පෞද්ගලික රෝහල්වලට පැමිණෙන වාහන බලපා ඇති බවට තොරතුරු අනාවරණය වේ. හදිසි සහ ක්ෂණික ප්‍රතිකාර සඳහා මහ රෝහලට පැමිණෙන රෝගීන් එම හේතුවෙන් බලවත් අපහසුතාවයකට පත්ව සිටින බව ද වාර්තා වේ.

ඒ අනුව මෙම නව රථගාල් ඉදිකිරීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා පසුගිය දා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුමැතිය ලැබී තිබේ.

කොළඹ නගරයේ සහ කොළඹින් බාහිරව තෝරාගත් වෙනත් නගර කිහිපයක ද මෙම නව රථගාල් ඉදිකිරීම සැලසුම් කර තිබේ. බහුමහල් රථගාල් ඉදිකිරීමක් සමඟම මිශ්‍ර සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කළයුතු බව ද අගමැතිතුමා ඉදිරිපත් කරන ලද කැබිනට් මණ්ඩල සංදේශයේ සඳහන් වේ.

ජනාධිපතිුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව සකස් කළ ජාතික ප්‍රතිපත්ති රාමුව, කොළඹ නගරය වාණිජ, වෙළඳ, මූල්‍ය හා බැංකු මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට කටයුතු කෙරෙන අතර, ඒ යටතේ 21 වන ශත වර්ෂයේ නව කොළඹ සංකල්පය ක්‍රියාත්මක කරන බව නාගරික සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරයි.

එමඟින්, නවීන කාර්යක්ෂම ප්‍රවාහන ක්‍රමවේදයක් ඇති කිරීමෙන්, වාහන සහ මගීන්ගේ තදබදය අවම කළහැකි බවත්, ජාතික ප්‍රතිපත්ති රාමුවෙන් යෝජිත නව මානයන් ක්‍රියාත්මක කිරීමෙන් ගුවන් පාලම් සහිත විහිදුනු සහ වටරවුම් මාර්ග, බහු මහල් වාහන රථගාල් ඉදිකිරීමට සැලසුම් කර ඇත.

ඒ අනුව කොළඹ නගරයේ නොරිස් කැනල් පාරේ බහු මහල් මහජන රථගාලක්, ඊට පසුව කොළඹ නගරයේ ම කොටුව, පිටකොටුව, ඕටර්ස් ටවර්, ඩී.එස්. සේනානායක වට රවුම, යූනියන් පෙදෙස, නාරාහේන්පිට යන ප්‍රදේශවලත් මෙම රථගාල් ඉදිකිරීමට නියමිත ය.


 තවද, මෙම සැලසුම යටතේ ම කොළඹින් පිට බත්තරමුල්ල, මහනුවර, අනුරාධපුරය නගර මූලික කරගනිමින් බහු මහල් මහජන රථගාල් ඉදිකෙරෙන අතර, කුරුණෑගල නගරයේ ද එවැනි රථගාල් ඉදිකිරීම පිළිබඳව සැලසුම් සකස් කර තිබේ

මෙම බහු මහල් මහජන රථගාල් මිශ්‍ර සංවර්ධන ක්‍රමය යටතේ වෙළඳ හා නේවාසික ලෙස සංවර්ධනය කළ යුතු අතර, බහු මහල් මහජන රථගාලක 80% ක ඉඩක් රථගාලටත්, ඉතිරි 20% ඉඩ වාණිජ හෝ කාර්යාල පරිශ්‍ර සඳහාත් වෙන් කෙරේ.

මෙම රථගාල් 12 ඉදිකිරීමේ කටයුතු පසුගිය දා ආරම්භ කෙරුණේ කොළඹ ලේක් හවුස් ආයතනය පසුපස පිහිටි ටෙලිකොම් රථගාල ඉදිකිරීමෙනි.

එම ව්‍යාපෘතියට වැය වන මුදල රුපියල් මිලියන 1,113 කි. එම මුදල නාගරික සංවර්ධන අධිකාරියේ වැය කිරීම විශේෂත්වයක් වන අතර රාජ්‍ය ආයතනයන් මඟින් ඉදිකරනු ලබන ප්‍රථම බහුවිධ රථගාල මෙය වේ.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව නාගරික සංවර්ධන, වෙරළ සංරක්‍ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් මෙම ව්‍යාපෘතිවල ඉදිකිරීම් කටයුතු අධික්ෂණය කරනු ලබයි.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: කොළඹ අවට බහු මහල් රථගාල් 12 ක් සදහා සැලසුම්
කොළඹ අවට බහු මහල් රථගාල් 12 ක් සදහා සැලසුම්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgJ6lFmDqvoBfbHk79lBCei2QqjD6xM0B70_kqRZ6gmo-VKQJR-kpMDc5lOWN1ZGAGECyUoLvqgBPsMDVCYOmbpXh2cVFFgNHb6_nzo4dNcCXDml0-2GG5BwIGerpVyZTpFBPpbZCp9iZ4/s16000/parking_1.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgJ6lFmDqvoBfbHk79lBCei2QqjD6xM0B70_kqRZ6gmo-VKQJR-kpMDc5lOWN1ZGAGECyUoLvqgBPsMDVCYOmbpXh2cVFFgNHb6_nzo4dNcCXDml0-2GG5BwIGerpVyZTpFBPpbZCp9iZ4/s72-c/parking_1.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/01/indoor%20car%20park-colombo.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/01/indoor%20car%20park-colombo.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content