මට්ටක්කුලිය ප්‍රදේශයේ දේවස්ථානයක් ආශ්‍රිතව සිදු කෙරුණු PCR පරීක්ෂණවලදී පියතුමන්ලා 09 දෙනෙකු කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබෙනවා.
එම දේවස්ථානය ආශ්‍රිතව තවත් පියතුමන්ලා 50ක් පමණ සිටින බවයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජේමුණි සඳහන් කළේ.
සහෝදර පියතුමන්ලා 50ක් දෙනා එහි ඉගෙනුම ලබන අතර ඔවුන්ගේ PCR පරීක්ෂණ මේ වනවිට සිදුවෙමින් පවතින බවද ඔහු සඳහන් කළා.
මෙම තත්ත්වය නිසා පිරිස ගැවසෙන ස්ථානවලට යෑමේදී ජනතාව තවදුරටත් ප්‍රවේසම් වීම අනිවාර්ය බවද ඔහු සඳහන් කර සිටියා.
මේ අතර වෙන්නප්පුව සීමාසහිත විවිධ සේවා සමූපකාර සමිතියේ සේවකයින් 39 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගත් බව වෙන්නප්පුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එච්.කේ.එම්. සුසන්ත කුමාරසිංහ මහතා සඳහන් කළා.
හඳුනාගත් ආසාදිතයින් ඊයේ (21) රාත්‍රියේම ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගැනුණු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.




