Header Ads

උණුසුම් පුවත්

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීම අද


පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ උපදෙස් පරිදි අද සඳුදා (18) පැවැත්වීමට තීරණය කොට ඇති බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා නිවේදනය කර සිටී.

ලබන 19 වැනිදා සිට ආරම්භ වීමට නියමිත පාර්ලිමේන්තු සතියේ රැස්වීම්වල කටයුතු තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ මෙම රැස්වීම පැවැත්වීමට නියමිතව තිබිණි.