නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ මිලියන 10ක පමණ වටිනාකමින් යුත් ඇන්තුරියම් පැළ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට ගෙන ඇත.
තායිලන්තයේ බැංකොක් සිට මෙරටට රැගෙන ආ මෙම ඇන්තූරියම් පැල 400 මෙරට ඖෂධ පාලක නීතිවලට පටහැනිව ආනයනය කර ඇති බව නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක සුදත් සිල්වා මහතා පවසනවා.
සැකකරුවන් තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL-405 දරණ ගුවන් යානයෙන් ඊයේ (07) පස්වරුවේ මෙරටට පැමිණ ඇති බව වාර්තා වනවා.
අදාළ සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ශාක නිරෝධායන ආයතනය වෙත භාර දී තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



