සෞඛ්‍යය ඇමති පවිත්‍රා වන්නිආරච්චිට කොවිඩ් ආසාදනය වී ඇතැයි වාර්තා වේ.
මුලින් ඇයගේ ස්වාමිපුරුෂයාට කොවිඩ් ආසාදනය වී තිබුණු බවත් පසුව ඇමතිවරිය කොළඹ ජාතික රෝහලේ දී සිදුකරන ලද ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයක දී ඇයත් කොවිඩ් ආසාදිත යැයි තහවුරු වූ බවත් එම ආරංචි මාර්ග පැවසීය.
මේ වනවිට ඇය පී.සී.ආර් පරීක්ෂණයකට මුහුණදී ඇති බවත්, එහි ප්‍රතිඵලය ලැබෙනතුරු නිවසේ නිරෝධායනය වීමට තීරණය කර ඇති බවත් වාර්තා වෙයි.
කෙසේ වෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය හෝ අමාත්‍යවරිය කිසිදු නිළ නිවේදනයක් මේ දක්වා නිකුත් කර නැහැ.
ඊයේ (22) සවස නෙළුම් මාවතේ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමක දී ද මේ පිළිබඳව සාකච්ඡා වී තිබිණි.
මේ දිනවල බැසිල් රාජපක්ෂ මහතා දිස්ත්‍රික් රැස්වීම් පවත්වන අතර ඊයේ දිනයේදී පැවැති කළුතර රැස්වීමට පවිත්‍රා වන්නිආරච්චි මහත්මියත්, රෝහිත අබේගුණවර්ධන මහතාත් සහභාගීව ඇති බව දැනගන්නට ඇත.




