සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව දේශීය සාම්ප්‍රදායික ක්‍රීඩා සංවර්ධනය කිරීමේ රජයේ ප්‍රතිපත්තිය යටතේ "දේශීය ක්‍රීඩාවයි තරුණ ජවයයි 2021" ව්‍යාපෘතිය ග්‍රාමීය පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන අමාත්‍යාංශය මගින් ආරම්භ කොට ඇත, එහිදී අමාත්‍යාංශය මගින් සිදු කළ අධ්‍යයනයකදී දේශීය සාම්ප්‍රදායික ක්‍රීඩා දහසකට (1000) අධික ප්‍රමාණයක් පවතින බව හඳුනාගෙන ඇති අතර එම ක්‍රීඩා අතුරින් වඩා ක්‍රියාශීලි ක්‍රීඩා අගයක් වශයෙන් අංගම්පොර සටන් කලාව හඳුනාගෙන තිබේ. මෙම සටන් කලාව ප්‍රවර්ධනය කිරීම මගින් ජාත්‍යන්තර අවධානය දිනාගැනීමටත්, සංචාරක ව්‍යාපාරයේ ආර්ථික අභිවෘද්ධිය ඇති කරගැනීමටත් අමාත්‍යාංශය අපේක්ෂා කරයි, අංගම්පොර සටන් කලාව දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් අමාත්‍යාංශය ක්‍රියාමාර්ග රැසක් සැලසුම් කර ඇත. මේ යටතේ රාජ්‍ය උත්සව, පෙරහැර සහ වෙනත් දේශීය සහ ජාත්‍යන්තර සංදර්ශන වෙනුවෙන් අංගම්පොර සටන් අග යොදාගැනීම, ග්‍රාමීය හා නාගරික මට්ටමින් නවකයන් වෙනුවෙන් පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, පාරම්පරික අංගම්පොර සටන් ශිල්පීන් හඳුනාගෙන ඔවුන් සටන් උපදේශකයින් ලෙස අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ අංගම්පොර පුහුණු වැඩසටහන් සදහා සම්පත් දායකයින් වශයෙන් සම්බන්ධ කර ගැනීම ආදී වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. එමගින් පාරම්පරික ශිල්පීන්ගේ ආර්ථික තත්වය ඉහල නැවීමටද අපේක්ෂිතය,
“දේශීය ක්‍රීඩාවයි තරුණ ජවයයි 2021" ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන අ පොර සටන් කලාව ප්‍රවර්ධනය කිරීම සඳහා වන මූලික පියවර වශයෙන් ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය රුපියල් මිලියන තිහක් වන් කර ඇත.




