හග්ගල උද්භිද උද්‍යානය පරිසර හිතකාමී සංචාරක කලාපයක් බවට පත් කෙරේ.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඉඩම් ගැටළු වලට කඩිනම් විසදුම්.
දිවයින පුරා ආකර්ෂණීය නව සංචාරක ස්ථාන 6059 ක් හදුනාගැනේ. එම සංචාරක ස්ථාන දෙස් විදෙස් සංචාරකයන් අතර ප්‍රචලිත කිරීමට විශේෂ වැඩ සටහනක් ක්‍රියාත්මක කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
මෙම නව සංචාරක ස්ථාන පරිසර හිතකාමී ස්ථාන බවත් වනජීවි, වනසංරක්ෂණ, පුරා විද්‍යා වැනි ආයතන සමග සම්බන්ධීකරණය කර ඒවා දියුණු කිරීමට අපේක්ෂා කරන බවත් පැවසූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙරටට පැමිණෙන සංචාරකයන් වැඩි කාලයක් රට තුළ රදවා ගැනීමට ව්‍යාපෘතියේ අරමුණ බව ද සදහන් කළේය.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජීවනෝපාය සංවර්ධන කමිටු සාකච්ඡාවට (26) එක්වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී මෙම රැස්වීම පැවැත්විණ.
මෙහිදී ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් සදහන් කළේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පමණක් නව ආකර්ෂණීය සංචාරක ස්ථාන 318 ක් හදුනාගෙන ඇති බවයි. නුවරඑළිය කේන්ද්‍ර කරගනිමින් සංචාරක කළාපයක් ප්‍රකාශයට පත් කිරීමට ඉදිරියේ දී කටයුතු කෙරේ. නුවරඑළිය, ලියන්වෙල හා ලක්ෂපාන ගම්මාන ආශ්‍රිත ව ප්‍රජා සංචාරක ගම්මාන 03ක් ද ස්ථාපිත කිරීමට අපේක්ෂිතයි. හග්ගල උද්භිද උද්‍යාන ආශ්‍රිත ව පරිසර හිතකාමී සංචාරක කලාපයක් ප්‍රකාශයට පත්කිරීමට ද අවධානය යොමුව ඇතැයි ඇමතිවරයා මෙහි දී කීවේය.
නානුඔය සිට නුවරඑළිය දක්වා කේබල් කාර් ව්‍යාපෘතියේ ක්‍රියාත්මක කෙරේ. ඒ සදහා යුරෝ මිලියන 52 ක මුදලක් වැය කෙරෙන අතර ඊට අදාළ ඉදිරි කටයුතු ද සිදු කෙරෙමින් පවතින බව ඇමතිවරයා මෙහිදී අනාවරණය කළේය.




