Header Ads

උණුසුම් පුවත්

අම්බලන්ගොඩදී දුම්රියේ ගැටී පුද්ගලයෙක් මරුට


ඊයේ දහවල් අම්බලන්ගොඩ දුම්රිය ස්ථානය අසලදී අලුත්ගම සිට ගාල්ල දක්වා ගමන් ගත් දුම්රියේ ගැටී පුද්ගලයකු මිය ගොස් තිබෙනවා. මිය ගොස් ඇත්තේ අටහවුල, බඹරවාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බලපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.