Header Ads

උණුසුම් පුවත්

වෙළෙඳ ඇමති බන්දුල බූස්ස සතොස තොග ගබඩාවේ හදිසි නිරීක්ෂණයක (ඡායාරූප සහිතයි)


ඊයේ වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා  බූස්ස පිහිටි සතොස තොග ගබඩා සංකීර්ණයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරතවිය. එහිදී  රාජ්‍ය වාණිජ විවිධ නිතිගත සංස්ථාව මගින් බෙදාහරින සාමාන්‍ය වෙළෙඳපොළ මිළෙන් රු. 30ක් අඩුවෙන් විකිණීම සඳහා සතොස තොග ගබඩාව වෙත ලබා දී තිබූ තේ 100g පැකට් විශාල ප්‍රමාණයක් රෙදි සෝදන සබන් සමඟ ගබඩා කර තිබෙන අයුරු දක්නට ලැබිණි.

වත්මන් රජයෙන් ක්‍රියාත්මක කළ මෙම පාරිභෝගික සහන සැලසීමේ මහා පරිමාණ ව්‍යාපෘතීන් කඩාකප්පල් කිරීමටත් පුද්ගලික අංශයේ මිළෙන් වැඩි භාණ්ඩ අලෙවි කරමින් පාරිභෝගිකයා අපහසුතාවයට පත් කිරීමට කටයුතු කර ඇති මෙම අවස්ථාවේදී විධිමත් විමර්ශනයක් පවත්වා වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන මෙන් අමාත්‍ය වරයා විසින් සතොස සභාපති රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතාට නියෝගකර තිබෙනවා.

බූස්ස සතොස තොග ගබඩාවෙහි කළමණාකරුගේ වැඩ තහනම් කරන ලද අතර මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වා එම නිලධාරියා ඇතුළුව මෙම කඩාකප්පල්කාරී ක්‍රියාව සිදු කිරීමට ඍජුව හා වක්‍රව දායක වූ සැමට එක ලෙස නීතිය ක්‍රියාත්මක අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස්ලබාදී ඇත.