![]() |
| bbc.co.uk |
ඇමෙරිකාවේ මැතිවරණයෙන් පරාජය වූ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ
යූටියුබ් නාලිකාව අත්හිටුවීමට ගූගල් (ඇල්ෆබට්) සමාගම පියවර ගෙන තිබේ.
මෙම
යූටියුබ් නාලිකාවෙන් ප්‍රචණ්ඩත්වය ඇති කරනු ඇතැයි යන අවදානම සලකා බලමින්
වීඩියෝ සජිවීව විකාශය කිරීම සහ නව විඩියෝ ඊට ඇතුළත් කිරීම දින 7කට
අත්හිටුවා තිබෙනවා. එසේම තිබෙන වීඩියෝවල කමෙන්ට්ස් පළකිරීම ද අත්හිටුවා
තිබේ.
ට්‍රම්ප් සහායකයන් වොෂින්ටන් අගනුවර කැපිටල් ගොඩනැගිල්ලට කඩා
වැදීමෙන් පසු ෆේස්බුක් සහ ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය ජාල කිහිපයක්ම
ජනාධිපති ට්‍රම්ප්ගේ ගිණුම් අවහිර කිරීමට පියවර ගෙන ඇත. කැපිටල්
ගොඩනැගිල්ලේ සිදුවීමෙන් අනතුරුව ඊයේ (12) ට්‍රම්ප් මාධ්‍ය හමුවක් පැවැත්වූ
අතර එය ඔහුගේ යූටියුබ් නාලිකාව ඔස්සේ සජීවීව විකාශය කර තිබුනා.




