ඊසානදිග චීනයේ ටියැන්ජින් හි අයිස්ක්‍රීම් සාම්පල තුනක් ඇසුරෙන් කරන ලද පරීක්ෂණයක දී ඒවායේ කොරෝනා වෛරසය ඇති බවට තහවුරු වී ඇති බව බලධාරීහු බ්‍රහස්පතින්දා නිවේදනය කළහ.
මෙම අයිස් ක්‍රීම්, ටියැන්ජින් ඩැකියාඩෝ ආහාර සමාගම විසින් නවසීලන්තයෙන් ලබාගත් කිරිපිටි සහ යුක්‍රේනයේ වියළන ලද තිරිඟු වලින් සාදන ලද බව කියවේ.
සමාගම වටලනු ලැබ ඇති අතර විකුණන ලද නිෂ්පාදන පිළිබඳ සොයා බැලීම අඛණ්ඩව සිදු කෙරේ. අයිස්ක්‍රීම් පෙට්ටි 4,738 ක් වෛරසයට නිරාවරණය වී ඇති අතර, ඉන් ඇසුරුම් 2,069 ක් මේ වනවිට ගබඩාවල පවතින අතර ඒවා අවලංගු කර ඇත.
අයිස්ක්‍රීම් ඇසුරුම් 1,812ක් වෙනත් පළාත්වලට යවා ඇති බවයි අනාවරණ වී
ඇත්තේ. මෙම පරීක්ෂණ වලින් පසුව ටියැන්ජින් මහ නගර සභාවේ සෞඛ්‍ය
සේවකයින්ට මෙම අයිස්ක්‍රීම් අනුභව කළ පුද්ගලයින් සොයා ගැනීමට අපහසු තත්වයක්
උදාවී ඇති අතර ඒ පිළිබඳව මෙහෙයුමක් අරඹා ඇත.