Header Ads

උණුසුම් පුවත්

නීති විරෝධීව ආනයනය කරන ලද කහ කිලෝ 1559 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට


ඊයේ රාත්‍රී 10.30ට පමණ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්  දෙමටගොඩ බේස්ලයින් පාරේ සිදුකළ වැටලීමකදී නීති විරෝධීව මෙරටට ආනයනය කරන ලද කහ කිලෝ 1559 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් මහනුවර මඩවල සහ වත්තල මාබෝල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර කහ තොගය හා ඒවා ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයද අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා දෙමටගොඩ පොලිසියට භාරදී තිබෙනවා.