Header Ads

උණුසුම් පුවත්

බොරලැස්ගමුව නගරසභාවේ වරිපනම් අංශ තාවකාලිකව වසා දැමේ


බොරලැස්ගමුව නගරසභා සේවකයෙකුට කොරෝනා බවට තහවුරු වීමෙන් පසුව නගර සභා පරිශ්‍රයේ වරිපනම් අංශ තාවකාලිකව වසා දමා තිබෙනවා.එම අංශයේ 17 දෙනෙකු මේ වන විට ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. ආසාදිත පුද්ගලයාගේ මව මිය යාමෙන් පසුව සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයෙන් අනතුරුව ඇයට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීම නිසා මොහුටද පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකිරීමෙන් අනතුරුව මෙලෙස ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා.