කොළඹ දිස්ත්‍රික්කයේ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් අද (04) අලුයම 5.00 සිට හුදකලා බව ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.
මෝදර පොලිස් වසම
කෙසෙල්වත්ත පොලිස් වසමේ අලුත්කඩේ බටහිර ග්‍රාමනිලධාරී වසම
කෙසෙල්වත්ත පොලිස් වසමේ අලුත්කඩේ නැගෙනහිර ග්‍රාමනිලධාරී වසම
බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාමනිලධාරී වසම
මිරිහාන පොලිස් වසමේ දෙමළවත්ත (පිටකෝට්ටේ)
ගම්පහ දිස්ත්‍රික්කයේ හෙට උදෑසන 5.00 සිට හුදකලා බව ඉවත් කරන ප්‍රදේශ පහතින්.
පෑලියගොඩ පොලිස් වසමේ,
පැලියගොඩවත්ත ග්‍රාමනිලධාරී වසම
මීගහවත්ත ග්‍රාමනිලධාරී වසම
පට්ටිය උතුර ග්‍රාමනිලධාරි වසමේ රෝහණ විහාර මාවත
පෑලියගොඩ ගඟබඩ ග්‍රාමනිලධාරී වසමේ නෙල්ලිගහවත්ත සහ පූරණ කොටුවත්ත (Pooranakotu waththa)
කිරිබත්ගොඩ පොලිස් වසමේ,
විලේගොඩ උතුර ග්‍රාමනිලධරි වසමේ ශ්‍රී ජයන්ති මාවත
මේ වනවිට හුදකලා කර ඇති අනෙකුත් ප්‍රදේශයන් නැවත දැනුම්දෙන තුරු තවදුරටත් හුදකලා ප්‍රදේශ වශයෙන් පවතින බව කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ.