කොටදෙනියාව ප්‍රදේශයේ යකඩ කර්මාන්ත ශාලාවක බොයිලේරුවක පිපිරීමක් සිදුව තිබෙනවා.
එම පිපිරීමෙන් ඉන්දීය ජාතිකයෙකු මරණයට පත්ව තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසනවා.
තවත් ඉන්දීය ජාතකයින් දෙදෙනෙකු ද තුවාල ලබා තිබෙනවා.
අද පෙරවරු 06:30 ට පමණ මෙම අනතුර සිදුවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
තුවාල ලැබූ ඉන්දීය ජාතිකයන් 03 දෙනෙකු මීරිගම රෝහලට ඇතුළත් කිරීමේදී ඉන් එක් අයෙකු මියගොස් තිබෙනවා.
යකඩ උණු කිරීමේදී අදාළ බොයිලේරුව තුළ උෂ්ණත්වය සෙල්සියස් අංශක 2,000 ට පමණ ඉහළ නංවන අතර එහිදී හටගත් දෝෂයක් හේතුවෙන් කිසියම් පිපිරීමක් සිදුවී තිබෙනවා.
මියගොස් ඇත්තේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පදිංචි 46 හැවිරිදි අයෙකුයි.
සිද්ධිය සම්බන්ධයෙන් කොටදෙණියාව පොලිසියයි වැඩිදුර විමර්ශන මෙහෙයවනවා.