Header Ads

උණුසුම් පුවත්

නිරෝධායන රීති කැඩූ ආයතන 473 කට විරුද්ධව නීතිමය පියවර

නිරෝධායන කටයුතු සම්බන්ධයෙන් මෙහෙයුම් කිහිපයක් ඊයේ දිනයේදී පොලිසිය විසින් සිදුකර තිබෙනවා.

කොළඹ සිට උතුරු පළාතට ගමන් කරන බස් රථ වල මගීන් පරීක්ෂාව, බස්නාහිර පළාතේ පිහිටි සතිපොළ ආශ්‍රිතව පුද්ගලයින් පරික්ෂා කිරීම, බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන වල පුද්ගලයින් පරීක්ෂාව සහ පාසල් බස් රථවල රියැදුරන් සහ රිය සහායකයින් පරීක්ෂාව මේ අතර වනවා.

ඔවුන්ට සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදී පුද්ගලයින් කිහිපදෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙසද හඳුනා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියා.

මේ අතර ජනතාව පැමිණෙන ආයතන විසින් ක්‍රියාත්මක කළ යුතු නිරෝධායන පිළවෙත් නිසියාකාරයෙන් ක්‍රියාත්මක වන්නේද යන්න සොයා බැලීම සඳහාද විශේෂ පොලිස් මෙහෙයුමක් ඊයේ දිනයේදී සහ පෙරේදා දිනයේදී සිදු කර තිබෙනවා.

එහිදී ස්ථාන 2,823 ක් පරික්ෂාවට ලක්වී ඇති අතර ඉන් ස්ථාන 473 කට විරුද්ධව නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තු වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.