කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 742 දෙනෙකු ඊයේ (27) දිනයේ හඳුනාගෙන තිබේ.
ඒ අනුව වෛරසය ආසාදනය වූ මෙරට සමස්ත සංඛ්‍යාව 60,663ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ හඳුනාගැනුණ රෝගීන් 772 න් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.
එම සංඛ්‍යාව 189කි.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 178ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 93ක් හඳුනාගෙන තිබේ.
තවත් ආසාදිතයින් 282 දෙනෙකු දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක 16කින් හඳුනාගෙන ඇත.
මේ වනවිට මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් ගණන 60,694කි.
ඉන් සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 52,566ක් වන අතර කොවිඩ් -19 ආසාදිතයින් 7,838 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවේ.
ඊයේ අලුතින් ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශ,
කොළඹ - 189
ගම්පහ - 178
කළුතර - 93
කුරුණෑගල - 62
අම්පාර - 36
රත්නපුර - 23
මාතර - 20
ගාල්ල - 19
මහනුවර - 17
කෑගල්ල - 17
මන්නාරම - 13
මාතර - 13
කිලිනොච්චිය - 11
හම්බන්තොට - 10
නුවරඑළිය - 08
මුලතිව් - 07
යාපනය - 07
පුත්තලම - 07
බදුල්ල - 07
මඩකලපුව - 04
පොළොන්නරුව - 01
30 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයන් ය.
කොවිඩ් ආසාදිතව මෙරටදී සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාවද 290ක් දක්වා ඉහළගොස් තිබේ.




