කොවිඩ් ආසාදිතයකුගෙන් පළමු දින 10 තුළ වෛරසය පැතිරීමේ අවදානම ඉහළ බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කරනවා.
එම කාලය නිවැරදිව හඳුනාගෙන කටයුතු කළ යුතු බවත් එය හඳුනාගෙන පාලනය කිරීම සඳහා නව ක්‍රමවේදයක් සැකසිය යුතු බවයි විෂය භාර ඇමැතිණී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පෙන්වා දෙන්නේ .
එමෙන්ම රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයන් පළමු දින 10 ප්‍රතිකාර මධ්‍යස්ථානයක සහ ඉතිරි දින 04 නිවෙස් තුළ වෛද්‍ය පරීක්ෂණ යටතේ තැබීමට පියවර ගත යුතු බවද ඇමැතිවරිය සඳහන් කළා.
එසේම පවත්නා කොවිඩ් පාලන උපාය මාර්ග තවදුරටත් සමාලෝචනය කිරීමට බලාපොරොත්තු වන බවද ඇය පවසනවා.




