පුද්ගල දුරස්ථභාවය පිළිනොපැදූ හා මුහුණු ආවරණ නොපැළදි පුද්ගලයන් 31 දෙනෙකු ගෙවුණු පැය 24 තුළ අත් අඩංගුවට පත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.
මේ වන විට පුද්ගලයින් 2662ක් පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙන බවත් ඉන් 2500කට පමණ නඩු පවරා තිබෙන බවත් අනෙක් අය සඳහා ද ඉදිරියේ දී අධිකරණ ක්‍රියාමාර්ග සඳහා ඉදිරිපත් කරන බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේ ය.
බස්නාහිර පළාතේ සහ කොළඹින් පිට වෙන පුද්ගලයන් සම්බන්ධයෙන් මෙහෙයුම් තවදුරටත් සිදු කෙරෙන බවත් සඳහන් කළ අජිත් රෝහණ මහතා, සැම විටම සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් මුහුණු ආවරණ පැළඳ,දුරස්ථභාවය තබාගෙන කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කළේ ය.