කොරෝනා වෛරසයේ පාලන කටයුතු ශක්තිමත් කිරීමට යුද හමුදාව යොදවා තිබෙනවා,
ඒ අනුව දිවයින පුරා සියලුම පරිපාලන දිස්ත්‍රික් ආවරණය වන පරිදි යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 25 දෙනෙකු පත්කර ඇති බව හමුදාව සඳහන් කළේ.
පත්වීම් ලද සම්බන්ධිකාරක නිලධාරීන්ට කොරෝනා වසංගත තත්ත්වයන් හේතුවෙන් සාමාන්‍ය කටයුතුවලට ඇතිවන බලපෑම අවම කිරීම සඳහා, වෛරස තත්ත්වයන් හා සෘජුවම සම්බන්ධවන රෝග ව්‍යාප්තිය පාලනයල නිරෝධායන කටයුතු කිරිම හා අවශ්‍යතා කළමනාකාරණය පිණිස ජනාධිපති කාර්යාලයල ආර්ථික පුනර්ජිවනය හා දිලිදුකම තුරන් කිරීමේ ජනාධිපති කාර්යසාධක බලකාය, සෞඛ්‍ය අමාත්‍යාංශයල ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය ආදී ආයතනයන්හි සම්බන්ධිකරණ කටයුතු සිදුකිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ඔවුන්ට වගකීම් පවරා ඇති බවයි වාර්තා වන්නේ.
දිවයිනපුරා සියලුම දිස්ත්‍රික්කයන්හි ප්‍රධාන සම්බන්ධිකාරක නිලධාරීන් ලෙස පත්කර ඇති යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්න
උතුරු පළාත
මේජර් ජෙනරල් ඩබ්ලිව් ජි එච් ඒ එස් බණ්ඩාර – යාපනය
මේජර් ජෙනරල් කේ එන් එස් කොටුවේගොඩ – කිලිනොච්චිය
මේජර් ජෙනරල් ආර් එම් පී ජි රත්නායක – මුලතිව්
මේජර් ජෙනරල් ඩබ්ලිව් එල් පී ඩබ්ලිව් පෙරේරා – වවුනියාව
මේජර් ජෙනරල් ඒ ඒ අයි ජේ බණ්ඩාර – මන්නාරම
උතුරු මැද පළාත
මේජර් ජෙනරල් ජේ සී ගමගේ – පොළොන්නරුව
මේජර් ජෙනරල් එච් එල් වී එම් ලියනගේ – අනුරාධපුර
වයඹ පළාත
මේජර් ජෙනරල් ඒ පී අයි ප්‍රනාන්දු – පුත්තලම
බ්‍රිගේඩියර් පී එම් ආර් එච් එස් කේ හේරත් – කුරුණෑගල
බස්නාහිර පළාත
මේජර් ජෙනරල් කේ ඩබ්ලිව් ආර් ද ආබෲ – කොළඹ
මේජර් ජෙනරල් එන් ආර් ලමාහේවා – ගම්පහ
බ්‍රිගේඩියර් කේ එන් ඩි කරුණාපාල – කළුතර
මධ්‍යම පළාත
මේජර් ජෙනරල් එච් පී එන් කේ ජයපතිරණ – නුවරඑළිය
මේජර් ජෙනරල් එස් එම් එස් පි බි සමරකෝන් – මහනුවර
මේජර් ජෙනරල් එස් යු එම් එන් මානගේ – මාතලේ
සබරගමුව පළාත
බ්‍රිගේඩියර් ජේ එම් ආර් එන් කේ ජයමාන්න – රත්නපුර
බ්‍රිගේඩියර් එල් ඒ ජේ එල් බී උදෝවිය – කෑගල්ල
නැගෙනහිර පළාත
මේජර් ජෙනරල් සී ඩි වීරසුරිය – ත්‍රිකුණාමලය
මේජර් ජෙනරල් ටි ඩි වීරකෝන් – අම්පාර
මේජර් ජෙනරල් සී ඩි රණසිංහ – මඩකලපුව
ඌව පළාත
බ්‍රිගේඩියර් ඊ ඒ පී එදිරිවිර – බදුල්ල
කර්නල් ඩි යු එන් සේරසිංහ – මොණරාගල
දකණු පළාත
මේජර් ජෙනරල් ඩි එම් එච් ඩි බණ්ඩාර – හම්බන්තොට
මේජර් ජෙනරල් ඩබ්ලිව් ඒ එස් එස් වනසිංහ – ගාල්ල
කර්නල් කේ ඒ යු කොඩිතුවක්කු – මාතර




