ගම් වදින වන අලි පළවා හැරීම සඳහා ඩ්‍රෝන කැමරා තාක්ෂණය යොදා ගැනීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව එහි නියමු ව්‍යාපෘතිය මේ දිනවල මාතලේ, නාවුල, රත්ගම්මන ප්‍රදේශය ආශ්‍රිතව ක්‍රියාත්මක වෙනවා.
ශ්‍රී ලංකා යුද හමුදාවේ පර්යේෂණ ඒකකය හා නාවික හමුදාව එක්ව එය ක්‍රියාත්මක වන බවයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අධ්‍යක්ෂ එම්.එස්.ආර්.සී. මාරසිංහ මහතා කියා සිටියේ.
මෙහි සාර්ථකත්වය මත දිවයිනේ සෙසු ප්‍රදේශවල වන අලි පළවා හැරීමේ මෙහෙයුම්වලට ඩ්‍රෝන කැමරා තාක්ෂණය යොදා ගැනීමට සැලසුම් කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
එමෙන්ම රත්ගම්මන ප්‍රදේශයේ සිටින වන අලි ඩ්‍රෝන යොදා ගනිමින් ග්‍රාම නිලධාරී කොට්ඨාස 5 කින් පමණ මොරගහකන්ද රක්ෂිතය වෙතට පළවා හැර ඇති බව වනජීවි නිලධාරීන් පවසනවා.




