Header Ads

උණුසුම් පුවත්

දහම් පාසල් අද ආරම්භයි.


බස්නාහිර පළාත සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල සියලු බෞද්ධ, හින්දු, කතෝලික සහ ඉස්ලාම් දහම් පාසල් අද  ආරම්භ විය.

සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ කරඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගත වෙමින් එම කටයුතු ආරම්භ කරන ලෙස සියලු දහම් පාසල් වෙත දැනුම් දී ඇති බව අධ්‍යාපන  අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් හා ශ්‍රී ලංකා පොලීසිය සියලු ප්‍රදේශ ආවරණය වනපරිදි අධීක්ෂණ කටයුතු සිදුකරන බව ද ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.