- දළදා මාළිගාවේ මුරපොලේ නිලධාරීන් පිරිසකට
- රද්දොළුගම පොලිස් ස්ථානයේ නිලධාරීන් 15 දෙනෙකුට සහ,
- කටුනායක අධිවේගී මාර්ග පොලීසියේ නිලධාරීන් 05 දෙනෙකුට, කොරෝනා
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ආරක්ෂාවට පිහිටුවා ඇති පොලිස් ස්ථානයේ නිලධාරීන් ආශ්‍රිතව සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂනයෙන් එහි නිලධාරීන් කිහිපදෙනෙකුම කොවිඩ් ආසාදිතයින් බවට හඳුනා ගෙන ඇති බව වාර්තා වනවා. මෙම ආසාදිත නිලධාරීන් සෘජුවම මහජනතාව සමග ගැටෙන රාජකාරි සඳහා යොදවා නොසිටි බවයි උසස් පොලිස් නිලධාරියෙක් වැඩිදුරටත් සඳහන් කළේ.
රද්දොළුගම පොලිස් ස්ථානයේ නිලධාරීන් 15 දෙනෙකුට සහ කටුනායක අධිවේගී මාර්ග පොලීසියේ නිලධාරීන් 05 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. එම සියලූ නිලධාරී නීරෝධායනය සදහා ඔවුන්ගේ නිවෙස් වල සහ රජයේ රෝහල් වෙත යොමු කළ බව එම ප‍්‍රදේශයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර පවසයි.
මෙම නිලධාරීන් වෙනුවට රාජකාරී ආවරණය කිරීම සදහා මේ වනවිට වෙනත් පොලිස් ස්ථානවලින් නිලධාරීන් අනුයුක්ත කළ බව පොලිසිය සදහන් කරයි.