යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට රුපියල් කෝටි 826ක (රුපියල් බිලියන 8.26ක) මූල්‍ය ආධාරයක් පිරිනමා තිබෙනවා.
මෙරට අධිකරණ ක්ෂේත්‍රයට සහාය වීම, ආහාර සුරක්ෂිතතාව වර්ධනය කිරීම හා දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා වැඩපිළිවෙළට සහාය දීම මෙම මූල්‍ය ආධාර ලබාදෙන බව කොළඹ යුරෝපා සංගම් තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
ඒ වෙනුවෙන් යුරෝපා සංගමය ඉකුත් දා ශ්‍රී ලංකාව සමඟ ගිවිසුම් තුනකට අත්සන් තැබූ අතර
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා එම ගිවිසුම්වලට අත්සන් තැබූ අතර යුරෝපා සංගමය වෙනුවෙන් දූත මණ්ඩල තානාපති ඩෙනිස් ෂයිබි ඊට අත්සන් කර තිබෙනවා.
මෙරට අධිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමේ වැඩසටහන වෙනුවෙන් රුපියල් කෝටි 416ක් ද , ආහාර සුරක්ෂිතතාව ඉහළ නැංවීම මෙන්ම කාබනික කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා රැපියල් කෝටි 231 ද ශ්‍රී ලංකාවේ කර්මාන්ත අංශයේ හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සඳහා රැපියල් කෝටි 179ක් ද යුරෝපා සංගම් ආධාර වශයෙන් ලැබී තිබෙනවා.