නව ජනාධිපතිවරයා දිව්රුම් දීමට පෙර ඩොනල්ඩ් ට්‍රම්ප් ෆ්ලොරිඩා ප්‍රාන්තය වෙත පිටත්වයෑමට ගිය අතර ඔහු 1896 වසරෙන් පසු නව ජනාධිපතිවරයෙකුගේ දිවුරුම් දීමේ උත්සවය මග හරිනු ලබන ජනාධිපතිවරයා බවට පත්විය.
ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයෙන් අවසන් වරට ඉවත්වීමෙන් පසු තමා “යම් ආකාරයකින් නැවත පැමිණෙන” බවට ප්‍රතිඥා දී තිබේ.
ජනාධිපති ට්‍රම්ප් ධුරයෙන් ඉවත් වීමට පෙර Youtube ඔසුසේ සිය සමුගැනීමේ කතාව සිදු කළේ “අමෙරිකාව මට බොහෝ දේ ලබා දුන්නා. මට අවශ්‍ය වූවෙත් අමෙරිකාව වෙනුවෙන් යම් කිසි සේවයක් සිදු කරන්න . කොරෝනා මර්දනයට එන එන්නතක් නෙවෙයි අපි එන්නත් දෙකක්ම නිර්මාණය කළා. අවුරුදු ගණනක් වැය වන දෙයක් අපි මාස 9 යෙන් සිදු කළා. මම දැඩි සටන්වල නිරත වුණා . අමාරු බොහෝ දේවල්වලට මුහුණ දුන්නා . මොකද ඔබ මාව තෝරා ගත්තේ ඒ සඳහායි .දැන් මම අලුත් පරිපාලනයක් සඳහා බලය පැවරීමට සූදානම් වනවා මම මේ අභිමානවත් ස්ථානයෙන් පිටව යන්නේ ප්‍රීතියෙන්” යනුවෙන්. ඔහු තවදුරටත් කියා සිටියේ දශක ගණනාවකට පසු අළුතින් යුද්ධයක් ආරම්භ නොකල පලමු ඇමරිකානු ජනාධිපතිවරයා ලෙස තමා ආඩම්බර වන බවයි.
ඇමරිකානු Airforce one ගුවන් යානයකින් ඇනඩෲස් කඳවුරට ගිය ඔහු ඉන් නතුරුව ෆ්ලෝරීඩා ප්‍රාන්තය වෙත යෑමට නිටමිතව තිබුණා. ෆ්ලොරිඩාවට පියාසර කිරීමට සූදානම් වන විට ඔහු ආධාරකරුවන්ට පැවසුවේ “ඔබේ ජනාධිපති වීම මහත් ගෞරවයක්” බවයි.
ධූරයේ සිටින අවසන් පැය කිහිපයේදී මූල්‍ය වංචා ඇතුළු චෝදනාවලට වරදකරුවන් වූ පුද්ගලයින් 73 දෙනෙකුට ඔහු ජනාධිපති සමාව දී තිඅතැ අතර සමාව ලැබූවන් අතර ඔහුගේ හිටපු උපදේශකයෙකු වන ස්ටීව් බැනන් ද වේ.
විදෙස් මාධ්‍ය වලට අනුව තවත් 70 දෙනෙකුට දී ඇති දඬුවම් වෙනස් කර තිබේ. රැප් ගායකයෙකු වන ලිල් වේන්ට ජනාධිපති සමාව හිමිවී ඇති අතර රැප් ගායක කොඩැක් බ්ලැක්ට සහ නගරාධිපතිවරයෙකු වූ ක්වමේ කිල්පැට්‍රික්ට දී තිබූ දඬුවම් ද ලිහිල් කර ඇති බව වාර්තාවේ.