එන්නත් වලට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන කොරෝනා වෛරස් ප්‍රභේදයක් අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවරින් සොයා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම වෛරසය L452R නමින් හඳුන් වනු ලබන අතර දැනට පවතින එන්නත් වලට මෙම නව වෛරස් ප්‍රභේදය කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන බව පර්යේෂකයින් සදහන් කරන බව ද වාර්තාවේ.
L452R ප්‍රථම වරට 2020 මාර්තු මාසයේදී ඩෙන්මාර්කයේ දී අනාවරණය වූ අතර පසුව එය එක්සත් ජනපදයේ දී හඳුනා ගන්නා ලදී.
මේ වන විට මෙම නව වෛරස් ප්‍රභේදය නගර 10 ක් පුරා පැතිර ගොස් ඇත.
“SARS-CoV-2 වැනි වෛරස් වල ප්‍රභේද හඳුනා ගැනීම සාමාන්‍ය දෙයක්” යැයි කැලිෆෝනියාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වසංගත රෝග විද්‍යාඥ එරිකා පෑන් ප්‍රකාශයක් නිකුත් කරමින් පවසයි. "මෙම ප්‍රභේදය අනෙක් ඒවාට වඩා වේගයෙන් ව්‍යාප්ත වේදැයි දැන ගැනීමට තවමත් නොහැකියි." අනුවෙන් ද ඇය පවසයි.
මෙයට අමතරව එක්සත් රාජධානියේ ප්‍රථම වරට හඳුනාගත් B1.1.7 නමින් හැඳින්වෙන SARS-CoV-2 හි ප්‍රභේදය අධික ලෙස සම්ප්‍රේෂණය වන අතර දැන් එය එක්සත් ජනපදය පුරා ව්‍යාප්ත වෙමින් පවතින අතර මාර්තු වන විට එය එහි ප්‍රමුඛතම ප්‍රභේදය බවට පත්විය හැකි බව රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන පවසයි. B.1.1.7 වෙනත් ප්‍රභේදයන්ට වඩා දරුණු රෝග තත්වයන් ඇති කරන බවට හෝ එය එන්නත් වලට ප්‍රතිචාර නොදක්වන බවට කිසිදු සාක්ෂියක් නොමැති බවද ඔවුන් පවසයි.