වැලිකඩ බන්ධනාගාර තුළ පවතින තදබදය අවම කිරීම සදහා වැලිකඩ බන්ධනාගාරය හොරණ ප්‍රදේශයට ගෙන යාම සඳහා වූ යෝජිත භූමිය නිරීක්ෂණය කිරීම සදහා අධිකරණ අමාත්‍ය අලී සබ්රි මහතා හා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා හොරණ ප්‍රදේශයේ පිහිටි අක්කර 250ක ප්‍රදේශයක යෝජිත භූමිය නිරීක්ෂණය කිරීම සඳහා එක් විය.
බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මැතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ බන්ධනාගාර තුළ සිටින රැඳවියන්ගේ තදබදය අවම කිරීමට මෙය මහඟු පිටිවහලක් වන බවත්, මෙය හුදෙක් ම සිර මැදිරියක් පමණක් නොවන සුරැකුම් මධ්‍යස්ථානයක් බවත්, ක්‍රීඩාගාර, පිහිනුම් තටාක, කායවර්ධන මධ්‍යස්ථාන, කර්මාන්ත සංකීර්ණයක් හා ගොවිපලවලින් සමන්විත වූ මෙම පරිශ්‍රයේ මත්ද්‍රව්‍යවලට හා සුළු වැරදිවලට බන්ධනාගාරගත වූවන් වෙනුවෙන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ද ඇතුළත් බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදි ප්‍රකාශ කරන ලදී.
වැලිකඩ බන්ධනාගාර සංකීර්ණය මෙන් දස ගුණයක් විශාල මෙම යෝජිත බන්ධනාගාර පරිශ්‍රයේ අති නවීන ආරක්ෂිත ක‍්‍රමවෙදයන් හා තාක්ෂණය යොදාගෙන ජාත්‍යන්තර මට්ටමේ සිර මැදිරි සංකීර්ණවලින් සමන්විත බන්ධනාගාර පරිශ්‍රයක් ලෙසට මෙය නම් කළ හැකි බවද එතුමා ප්‍රකාශ කරන ලදී.