හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් ගාමිණිපුර ප්‍රදේශයෙන් එකම පවුලේ හය දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්.ආර්.එස්.මැදවෙල මහතා පැවසිය.
හැටන් ගාමිණිපුර ප්‍රදේශයේ පදිංචි පියාට සහ ඔහුගේ පාසල් වයසේ පසුවන පුතෙකුට මිට ප්‍රථම කොවිඩ් 19 වෛරසය අසාදනය වු බවත් , එම අසාදිතයන් දෙදෙනා ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කර එම පවුලේ පස්දෙනෙකු නිවසේම ස්වයං නිරෝධානයට යොමු කර සිදු කල පි.සි.ආර් පරික්ෂණය අනුව එම පවුලේ තවත් සිව්දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (20) දින තහවුරු වු බව මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා පැවසිය.
එම පවුලේ පෙර අසාදිතයාගේ දියණියට සහ එම නිවසේ පදිංචිව සිටි ඔහුන්ගේ ඥාතින් තිදෙනෙකුටයි මෙසේ කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇත්තේ.
හැටන් දික්ඔය නගර සභා සිමාවෙන් ස්වයං නිරෝධානයට යොමු කර සිටි පාසල් සිසුන් දෙදෙනෙකුට සහ ගුරුවරියකට (20) දින කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බවත් , වෛරසය අසාදනය වු අසාදිතයන් හත්දෙනාම නිරෝධායන ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කල බව මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා පැවසිය.




