Header Ads

උණුසුම් පුවත්

කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාර රැඳවියෙකු පලායයි


කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාර රැඳවියෙකු අද අලුයම පලාගොස් තිබෙනවා.බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසුවේ ඔහු, වැලිගම - පොල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බවයි. අදාල රැඳවියා සොරකම් කිරීමේ චෝදනාවකට වසර 5 යි මාස 3 ක සිරදඩුවම් නියමව සිටි අයෙකු බවයි. පලාගිය රැඳවියා සොයා මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබෙනවා.