Header Ads

උණුසුම් පුවත්

අද තවත් කොවිඩ් මරණයක් සමග ආසාදිතයන් 372ක්


අද මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණයක් වාර්තා වූ අතර ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත මරණ සංඛ්‍යාව 256ක් දක්වා ඉහල ගියා. මියගොස් ඇත්තේ ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ පදිංචිව සිටි 82 හැවිරිදි කාන්තාවක්.  මෙම කාන්තාවගේ මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ කොවිඩ් 19 ආසාදනය සමග උග්‍රවූ හෘද රෝගයක්.මේ අතර මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 372ක් ද වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 52309 දක්වා ඉහලගොස් තිබෙනවා.