මුතුරාජවෙල ප්‍රදේශයේ පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත්ව තිබුණු අක්කර 700ක පමණ භූමි ප්‍රමාණයක් සංචාරක ව්‍යාපාරික කටයුත්තක් සඳහා ආණ්ඩුව විසින් පෞද්ගලික සමාගමකට පවරා දී ඇති අතර දැවැන්ත පරිසර විනාශයක් සිදුවන බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් සදහන් කළා. මෙම ව්‍යාපෘතියට තමන් විරුද්ධ බවත් රටේ නීතියට යටත්ව ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් ආණ්ඩුවටත් ගෙදර යන්නට සිදුවනු ඇති බවත් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියෝ පැවසුවා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කාදිනල් හිමියන්
"මුතුරාජවෙල තෙත් භූමිය මහා පරිමාණයේ සංචාරක ව්‍යාපාරයක් සඳහා යොදාගන්නට සැලසුම් සකස් කරගෙන එක්තරා සමාගමක් එය අතට අරගෙන රජයේ ඉඩමක් තමන් සතු කරගෙන එහි බහුකාර්ය වැඩපිළිවෙලක් දියත් කරන්නට බලාපොරොත්තු වෙනවා. සංරක්ෂණ කලාපයක් කියලා වනජීවී දෙපාර්තමේන්තුවෙන් බෝඩ් සවිකරලා තිබුණා වටේම. මෑතක් වෙනතුරුම ඒ සංරක්ෂිත ප්‍රදේශය තිබුණත් මේ ළඟදි එහි සංරක්ෂිත කලාපයක් කියලා දාපු බෝඩ් සේරම ඉවත් කරලා මේක පුද්ගලික සමාගමකට අයිති ඉඩමක්ය හැම තැනම බෝඩ් ගහලා තියෙනවා.
එතකොට වනජීවී එකට අයිතිවෙලා තිබුණු මේ මුතුරාජවෙල එක පාරටම පුද්ගලික සමාගමකට අයිති පුද්ගලික දේපළක් වුණේ කොහොමද ? ඒකෙදි අපට දැනගන්නට ලැබුණා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ ගම්පහ කාර්යාලය හරහා යම්කිසි මුදලක් ගෙවලා සම්පූර්ණ ඉඩම් අක්කර 700ක් පමණ වෙන්කරගෙන තිබෙනවා කියලා මේ වැඩපිළිවෙලට, එක්තරා සමාගමක්.
මේක තුළ ගොල්ෆ් ක්‍රීඩාපිටි, ගොඩනැගිලි, ව්‍යායාම් ස්ථාන, සංචාරකයින්ට එහෙ මෙහෙ යන්න තැන් වගේ ගොඩක් දේවල්, වැලි අරගෙන මේකෙ වැලි පුරවලා එක්තරා ක්‍රමවේදයකට හදන්න සැලසුම් කරලා ඒ පිළිබඳව ඒ සමාගම මුද්‍රණය කරලා බෙදාහරින පොතක් අපට ලැබුණා.
අපි මේ ව්‍යාපෘතියට විරුද්ධයි. මේක කරන්න දෙන්න බැහැ, දෙන්නෙත් නැහැ !
රටක පාලකයින්ටවත් ආර්ථිකය මෙහෙයවන සමාගම්වලටත් විදේශීය බලවේගවලටවත් අයිති නෑ මේ රට. මේ රට අයිති අපට. රට පාලනය කරන අයට රට බාරදීලා තියෙනවා අවුරුදු පහකට බලාගන්න, ඒ මිසක් ඒගොල්ලන්ට අයිතියක් දීලා නෑ කවුරුවත්. ඒ නිසා මේ ප්‍රදේශය අවසතු කරලා ඒකෙ නොයෙකුත් ව්‍යාපෘති කරලා එහි ජෛව පරිසරය විනාශ කරන්න දෙන්න අපට බැහැ. අපි ඒකට විරුද්ධයි. ඔයාලා ඔයාලාගෙ යුතුකම් ඉටු කරන්න රටේ නීති රීතිවලට අනුව. එතනින් එහාට යන්න ආවොත් ඔයාලාට පාරට බහින්න වෙනවා, ඕගොල්ලන්ට ගෙදර යන්න වෙනවා.
යම් යම් බලවේගවලට යටවෙලා ආර්ථික ලාබ ප්‍රයෝජන සඳහා මේ ස්වභාව ධර්මයෙන් අපට ලැබිලා තියෙන සම්පත විනාශ කරන්න කාටවක්වත් ඉඩදෙන්න අපට බැහැ. ඒක මතක තියාගන්න කියලා මම විශේෂයෙන්ම ප්‍රකාශ කරනවා" යනුවෙන් එහිමි සඳහන් කළේය.




							    
							    
							    
							    
