පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයට ගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට විකිණීමේ සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවන් 16 දෙනා ලබන 02 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ දන්වා සිටියේ මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනීමට සිටින 14 වන සැකකරු වන කේ. උදාර සම්පත් නමැත්තා ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් හරහා විදේශ ගතව ඇති බවයි.
එමෙන්ම, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය බෙදා හැරීම් සිදුකර ඇත්තේ ද මෙම සැකකරු බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වනු ලැබුවා.ඒ අනුව ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හරහා වරෙන්තුවක් නිකුත් කරන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළා. ඒ අනුව අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් වරෙන්තු නිකුත් කරනු ලැබුවා.




