අධිකරනයේ ස්වාධීනත්වය පිලිබදව බරපතල ගැටලුවක් පවතින බව සමගි ජන බලවේග පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.
රන්ජන් රාමනායක මන්ත්‍රීවාරයාට අධිකරනය ලබා දුන් තීන්දුව පිලිබදව අදහස් දක්වමින් ඔහු Bottomline Asia සමග මෙසේ අදහස් පලකලා.
මේ අතර තම අතීත සටන් සගයාට ලබා දුන් තීන්දුව පිලිබදව අප එක්සත් ජාතික පක්ෂයේ නව උප නායක අකිල විරාජ් කාරියවසම් මහතාගෙන් විමසා සිටියා.
එහිදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ පක්ෂයේ මතය මේ වනතෙක් සාකච්ඡා කර නොමැති බැවින් ඉදිරියේදී ඒ ගැන අදහස් දක්වන බවයි.
කෙසේ වෙතත් මේ පිලිබදව අප අධිකරනය අමාත්‍ය අලි සබ්‍රි මහතාගෙන් විමසා සිටියා.
අමාත්‍යවරයා සදහන් කලේ අධිකරනයේ තින්දු පිලිබදව තමන් ගේ මැදිහත් වීමක් නොමැති බවයි.