Header Ads

උණුසුම් පුවත්

නිරෝදායන නීති කඩකළ ආයතන 473කට නඩු


පසුගියදා පොලිසිය සිදුකල මෙහෙයුම් වලින් සෞඛ්‍ය අංශ විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අනුව ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන්  ආයතන 473ක් අනාවරණය කරගෙන ඇත.

එම ආයතන වලට එරෙහිව ඉදිරියේ දී නඩු පැවරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

‍බස්නාහිර පළාතේ ඊයේ (13) සිදුකළ වැටලීම්වලින් අත්අඩංගුවටගත්, මුඛ ආවරණ නොපැළඳි පුද්ගලයෙකු කොවිඩ් -19 ආසාදිතයෙකු බවට හඳුනාගත් බව හා මුහුණු ආවරණ නොපැළදීම සම්බන්ධයෙන් පුද්ගලයන් 9,000කට වැඩි පිරිසකට නඩු පවරා ඇති පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.