අගමැති ආරක්ෂක අංශයට අනුයුක්තව සේවයේ යෙදී සිටින හල්දුම්මුල්ල හාල්අටුතැන්න ප‍්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල්වරියකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.
කොස්තාපල්වරිය හල්දුම්මුල්ල ප‍්‍රදේශයේ සිය නිවසට පැමිණි විට ඉකුත් 12 වන දින පී.සී.ආර් පරීක්ෂණයක් සිදු කර ඇත.එම පී.සී.ආර් පරීක්ෂණ වාර්තාව අනුව ඇය කොවිඩ් ආසාදිතයෙක් ලෙස හඳුනාගෙන ඇත. ආසාදිත පොලිස් නිලධාරිනියගේ පවුලේ සාමාජිකයන්ගේ පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීමට කටයුතු කර ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
ඇයගේ විවාහ මංගල්‍ය උත්සවය යෙදී ඇති බැවින් ඊට අදාල වැඩ කටයුතු සඳහා ප්‍රදේශයේ ස්ථාන රැසකට මෙම පොලිස් නිලධාරිනිය ගොස් ඇති අතර ඇයගේ සෙසු ආශ්‍රිතයින් සොයා විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර පොලිස් කොස්තාපල්වරිය කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට නියමිත බව වාර්තා වේ