Header Ads

උණුසුම් පුවත්

වවුනියාව නගරයේ මාර්ග වැසේ.


වවුනියාව පට්ටාන්චිචූර් ගම්මානයේ ආසාදිත ගැබිණි මවකගේ ආශ්‍රිතයන්ගෙන් කොවිඩ් වෛරසය ව්‍යාප්තව එය මේ වන විට ආසාදිතයන් 148ක් දක්වා ව්‍යාප්ත වී ඇති බව වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය සඳහන් කරයි.

මේ ආකාරයෙන් වවුනියාව නගරය ආශ්‍රිතව ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යෑම නිසා නගරයේ ප්‍රධාන මාර්ග වසාදමා ඇති අතර  නගරයට පිවිසීමට අවස්ථාව ලබාදී ඇත්තේ රාජ්‍ය සේවකයින්ට සහ ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන පිරිස්වලට පමණි.

මීට අමතරව වවුනියාව මහ රෝහලේ සාත්තු සේවකයෙක්ට සහ රෝහල් කාර්යමණ්ඩලයේ කළමනාකරණ සහකාරවරයෙක්ටද කොවිඩ් වැළඳී ඇති බව වාර්තාවේ.