සබරගමු පළාත් සභාවේ සේවකයින් 06දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවකයින් 5 දෙනෙකුට සහ එම පළාත් සභාවේ පිරිසිදු කිරීමේ සේවා අංශයේ එක් අයෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බව සබරගමු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෙද්‍ය කපිල කන්නංගර මහතා පවසයි.
ආසාදිතයින් හඳුනා ගැනීමත් සමඟ සියලු ම රියැදුරන් සහ පිරිසිදු කිරීමේ අංශයේ සේවක සේවිකාවන් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කිරීම අද (13) ආරම්භ කර ඇති අතර සබරගමු පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවා ලබා ගැනීමට එන පුද්ගලයින් එම කාර්‍යාලවලට ගෙන්වා ගැනීම සීමා කර තිබේ.