සෙත්සිරිපාය111 වන බහු මහල් කාර්යාල සංකීර්ණයට අද මුල්ගල තැබේ


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ ක්‍රියාත්මක වන සෙත්සිරිපායේ 111 වන බහු මහල් කාර්යාල සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු අද (22) පෙරවරු 9.30 ට බත්තරමුල්ල සෙත්සිරිපාය පරිශ්‍රයේදී ආරම්භ කිරීමට නියමිතය.

නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා අධීක්ෂණය කරන මෙම ව්‍යාපෘතිය මහල් 25කින් සහ වර්ග අඩි මිලියන 1.37 කින් සමන්විත කාර්යාල ගොඩනැගිල්ලකි.නවීන කාර්යාල පහසුකම්වලින් සමන්විත මෙම කාර්යාල සංකීර්ණය තුළින් රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය කාර්යාල රැසකට ඉඩ පහසුකම් සලසා ගැනීමට අපේක්ෂිතය.

වසර තුනහමාරකින් ඉදිකිරීම් කටයුතු අවසන් කෙරෙන මෙම කාර්යාල සංකීර්ණයේ සමස්ත වියදම රුපියල් බිලියන 16.7 ක් වන අතර, මෙහි ගෘහ නිර්මාණ ශිල්පීය උපදේශකයන් ලෙස නිර්මාණ ව්‍යාපෘති කළමණාකරණ හා උපදේශක අංශය කටයුතු කරනු ලබයි. විශාලතම ආයෝජනය සිදුකරන රජයේ කාර්යාල සංකීර්ණය සහිතව ඉදිකෙරෙන උසම ගොඩනැගිල්ලද මෙය වීම විශේෂත්වයකි.

නාගරික සංවර්ධන අධිකාරිය පූර්ණ හිමිකම් සහ මූල්‍ය දායකත්වය දරණ මෙම කාර්යාල සංකීර්ණය විවිධ මහජන පහසුකම්වලින් සමන්විත වන අතර එය වාණිජ කටයුතු, බැංකු කටයුතු, ආපනශාලා, රැස්වීම් ශාලා, විශේෂිත වූ උත්සව සහ රථගාල්, වෙනත් විවිධ කටයුතු වෙනුවෙන් වූ බහු කාර්ය ශාලා, ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථාන වැනි පහසුකම්වලින්ද සමන්විත වේ.

සෙත්සිරිමහල් 111 බහු මහල් කාර්යාල සංකීර්ණය ශ්‍රී ජයවර්ධනපුර පරිපාලන කළාපය කේන්ද්‍රගතව ඉදිකෙරෙනු ඇත.


බත්තරමුල්ල සෙත්සිරිපාය පරිශ්‍රයේ පැවැත්වෙන සමාරම්භක උත්සවය සඳහා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උඳුගොඩ, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වරලත් නගර නිර්මාණ ශිල්පී ප්‍රසාද් රණවීර යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගීවීමට නියමිතය.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: සෙත්සිරිපාය111 වන බහු මහල් කාර්යාල සංකීර්ණයට අද මුල්ගල තැබේ
සෙත්සිරිපාය111 වන බහු මහල් කාර්යාල සංකීර්ණයට අද මුල්ගල තැබේ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg4L_IDngk_-Zo-vAlagpdpO4b6HJLPR33fCwOSDznihwMxrFkzgQgFqF3IorJeqcGM-Jmv9TwNXNPRGYOD58X7kGzhq4YvkeEdV7WYaWfvBCcnYbEwMFshf-qtD54ej96cMq5vZBqP81c/s16000/download.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg4L_IDngk_-Zo-vAlagpdpO4b6HJLPR33fCwOSDznihwMxrFkzgQgFqF3IorJeqcGM-Jmv9TwNXNPRGYOD58X7kGzhq4YvkeEdV7WYaWfvBCcnYbEwMFshf-qtD54ej96cMq5vZBqP81c/s72-c/download.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/01/sethsiripaya%20new%20building.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/01/sethsiripaya%20new%20building.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content