උතුරු මැද නාවික විධානය මගින් මන්නාරම මාන්තේ ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමේදී කිලෝග්‍රෑම් 31 ක පමණ කේරළ ගංජා තොගයක් ජාවාරම් කරුවන් විසින් මාන්තේ වෙරළ තීරයට ආසන්න කටු පදුරු සහිත ස්ථානයක ගෝනි උරයක බහා සඟවා තිබූ පාර්සල් 14 ක් තුළ අසුරන ලද කේරළ ගංජා කිලෝග්‍රෑම් 31 ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
මෙහිදී නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ වීථි වටිනාකම රුපියල් මිලියන 11කට ආසන්න වෙතැයි විශ්වාස කෙරේ.
කොව්ඩ් -19 ව්‍යාප්තිය වැළැක්වීමේ සියළු සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් නාවික හමුදා භාරයට ගත් මෙම කේරළ ගංජා ප්‍රමාණය ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා වංකාලේ පොලීසිය වෙත භාර දීමට කටයුතු කල අතර, සැකකරුවන් සොයා මේ වන විට විමර්ශණ ආරම්භ කර ඇත.




