අභියෝගය හමුවේ නොසැලී කැපවන දෑ හිතකාමී සියලු දෙනාටත් මාගේ ගෞරවය පුද කරමි- අගමැති

 


73 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය නිදහස් දින පණිවුඩය නිකුත් කර ඇත.

එම පණිවුඩය පහතින්.

ශ්‍රී ලාංකේය සියලු පුරවැසියන් 73 වන ජාතික නිදහස් දිනය සමරනු ලබන්නේ ඉමහත් අභිමානයෙනි.

යටත් විජිතයක් බවට පත් වූ දින පටන් නිදහස දිනා ගැනීමට ලක්වැසියන් කළ කැපවීම හා සටන් ලෝක ඉතිහාසයේ නම් දරා තිබේ.

යුද ශක්තිය මෙන්ම දේශපාලන, ආගමික හා සංස්කෘතික මුහුණුවරින් ද උපක්‍රමික අරගලවල යෙදෙමින් නිදහස දිනාගත් අතීතයක් ශ්‍රී ලාංකේය ජාතියට හිමිය.

අද වන විට අපගේ මාතෘභූමියට අවශ්‍යව ඇත්තේ ලැබූ නිදහස අර්ථවත් කර ගැනීමේ ක්‍රියාවලියයි. ජාතීන් අතර සමගිය වර්ධනය කර ගැනීම හා ආගමික සංහිඳියාව ඊට දක්වන්නේ ප්‍රබල පිටුබලයකි.
විවිධ අභියෝග හමුවේ දේශියත්වය අගයන ආර්ථික ප්‍රතිපත්තියක් තුළින් මාතෘ භූමිය සංවර්ධනය කරා ගෙනයාමේ මාවතට අප දැන් ප්‍රවිෂ්ට වී තිබේ.

සෑම ක්ෂේත්‍රයකම සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ අවබෝධ කරගනිමින් ජනතාව මත තැබූ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාවෙන් නිදහස තවත් අර්ථවත් වනවිට “ඉසුරුමත් හෙට දිනක් - සෞභාග්‍යමත් මව්බිමක්” යන්න යථාර්තයක් වනු ඇත.

ඉතිහාසය පුරාවට මාතෘ භූමියට එරෙහි දෙස් විදෙස් බලවේග මෙන්ම ත්‍රස්තවාදය පරාජය කිරීමේ ස්ථිර ප්‍රතිපත්තියක අපි කටයුතු කළෙමු. කොතරම් අභියෝග පැමිණිය ද අපගේ මාතෘ භූමිය අප කිසි ලෙසකින් පාවා දී නැත.

කොවිඩ් - 19 දැන් ලෝකය හමුවේ ඇති විශාලම අභියෝගයයි. ජනතාව මෙම අර්බුදයෙන් නිදහස් කර ගැනීමේ සටනට අප දැන් උර දී සිටී. සතුරු බලවේග පරාජය කිරීමට මෙන්ම කොවිඩ් - 19 පරාජය කිරීමට ද ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස අපි නැගී සිටිමු.

අපගේ මාතෘ භූමියේ භෞමික අඛණ්ඩතාව හා ස්වෛරීත්වය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ හා අපරිමිත කැපවීම් කළ සියලු දෙනාටත් වර්තමානයේ එම අභියෝගය හමුවේ නොසැලී කැපවන දෑ හිතකාමී සියලු දෙනාටත් මාගේ ගෞරවය පුද කරමි.


මහින්ද රාජපක්ෂ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
අග්‍රාමාත්‍ය

 

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: අභියෝගය හමුවේ නොසැලී කැපවන දෑ හිතකාමී සියලු දෙනාටත් මාගේ ගෞරවය පුද කරමි- අගමැති
අභියෝගය හමුවේ නොසැලී කැපවන දෑ හිතකාමී සියලු දෙනාටත් මාගේ ගෞරවය පුද කරමි- අගමැති
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEibLrZ1OYLKTS14dAzavc9mtwquFDm2ygdjhQ4Qvq8gZKM7Kee0OepABbAUMFivJSohFxeD-nXnL11OW8a0PuBdFkh9O0l9cwQaSObn7aR9vmfEY5ys6KQMXGf2rmtP8NUMmU0PwUupQqoZ/s16000/MR.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEibLrZ1OYLKTS14dAzavc9mtwquFDm2ygdjhQ4Qvq8gZKM7Kee0OepABbAUMFivJSohFxeD-nXnL11OW8a0PuBdFkh9O0l9cwQaSObn7aR9vmfEY5ys6KQMXGf2rmtP8NUMmU0PwUupQqoZ/s72-c/MR.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/02/04-mahindarajapaksha-massage.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/02/04-mahindarajapaksha-massage.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content